hit counter

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

2023 අගෝස්‍තු 14, පෙ.ව. 9:29



ඉන්දියාවේ මීළඟ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස ක්ෂෙනුකා සෙනෙවිරත්න පත්කර යැවීමට නියමිත බව වාර්තා වෙනවා.

ලබන සැප්තැම්බර් මාසයේදී ධූර කාලය අවසන් වීමට නියමිත වත්මන් මහ කොමසාරිස් මිලින්ද මොරගොඩගෙන් පසුව ඇය එම ධුරයට පත්කෙරෙනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග තහවුරු කළා.

දැනට ක්ෂෙනුකා ධිරේනි සෙනෙවිරත්න ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (විදේශ මාධ්‍ය) ලෙස කටයුතු කරනු ලබයි.

සෙනවිරත්න මහත්මිය මිට පෙර නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙසත්, එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරිය ලෙසත් පසුව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙසත් කටයුතු කළා.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: