hit counter

2025 අගෝස්‍තු මස 18 වන සඳුදා

2023 අගෝස්‍තු 15, පෙ.ව. 6:55


ජීවිත තුනක් බිලිගත් මාරක අනතුරක්

අද (15) අලුයම මාන්කුලම පොලිස් වසමේ ඒ 9 මාර්ගයේ පනිච්චන්කුලම ප්‍රදේශයේ දී කොළඹ සිට යාපනය දෙසට ධාවනය වූ වෑන් රථයක් අනතුරට ලක්ව පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, වෑන් රථය එම දිශාවටම නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටී පසුව ලොරිය ඉදිරියේ තිබූ තවත් ලොරියක ගැටී අනතුර සිදුව ඇති බවයි.

පිටුපස ලොරියේ රියදුරු රථයෙන් බැස සිට ඇති අතර ලොරි රථ දෙකට සිරවී බරපතළ තුවාල ලබා ඇතැයි පොලීසිය සඳහන් කරයි.

එම ලොරි රථයේ පිටුපස සිටි පුද්ගලයෙකු හා වෑන් රථයේ ඉදිරිපස අසුනේ ගමන්ගත් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා මාන්කුලම රෝහලට ඇතුළත් කිරීමේ දී තිදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇත.