2022 මැයි 23, ප.ව. 12:55
දින ගණනාවකට පසු නාවලපිටිය නගරයේ පිහිටි ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයාට අද (22) එම සමාගමෙන් නිකුත් කල ගෘහස්ථ ගැස් සිලින්ඩර් 185 ක් බෙදා හැරිමේදී පාරිභෝගිකයන් සහ අලෙවි නියෝජිතයා අතර අවස්ථා කිහිපයකදි උණුසුම් තත්ත්වයක් ඇති වූ බව ඒෂියන් මිරර් හැටන් වාර්තාකරු පැවසුවා.
ගෑස් ලබා ගැනීමට පෝලිම් වල දින ගණනාවක් රැදි සිටි පාරිභෝගිකයන්ට ප්‍රමාණවත් තරම් සමාගම විසින් ගෑස් තොග නිකුත් නොකිරිම හමුවේ මෙම උණුසුම්කාරි තත්ත්වය ඇති වී තිබෙනවා.
පෝලිමේ රැදී සිටි පිරිසට පරිබාහිරව පිටතින් පැමිණි පිරිසකට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ලබාදීමට යාමේදී මෙම උණුසුම් තත්ත්වය දැඩි වු නිසා එම තත්ත්වය පාලනයට යුධ හමුදා භට පිරිස් සහ නාවලපිටිය පොලිසියේ නිලධාරින් යොදවා තිබුණා.
ගෑස් ලබා ගැනීමට පෝලිම් වල රැදී සිටි පාරිභෝගිකයන් සහ යුධ හමුදා භට පිරිස් වලටද අවස්ථා කිහිපයකදි පාරිභෝගිකයන් විසින් බැන වදිමින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් ලබා ගැනිමට උත්සහ කලද ඇතැම් පාරිභෝගිකයන්ට ගෑස් සිලින්ඩර් ලබා ගැනිමට නොහැකි විය.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25