2022 මැයි 23, ප.ව. 3:18
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් වහාම ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසනවා.
ඒ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.
දෙදිනක් වයස බිළිඳියක් ඉක්මනින් රෝහල් ගත කිරීමට අවශ්‍ය ඉන්ධන සොයා ගැනීමට නොහැකි වීම නිසා මියගිය පුවතට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම සටහන තබා තිබෙනවා.
මහේල මේ බව දන්වා ඇත්තේ ජනාධිපතිවරයාගේ නිල සමාජ ජාල ගිණුමද ඒ හා සම්බන්ද කරමින්.
“…ගෝඨාභය රාජපක්ෂ මෙය කියවා වරදක් ඇති බව හැගෙන්නේ නම් වහාම ඉල්ලා අස්විය යුතුයි. මෙම තත්තවයට ඔහු සෘජුවම වගකිව යුතුයි. ඒ වගේම මේ පරිපාලනයේ කොටස්කරුවන් වූ සියල්ලන්ම වහාම ඉල්ලා අස්විය යුතුය” යන්න මහේල සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබෙනවා.
2026 පෙබරවාරි 06, ප.ව. 5:28
2026 පෙබරවාරි 06, ප.ව. 3:05
2026 පෙබරවාරි 06, පෙ.ව. 10:49
2026 පෙබරවාරි 02, ප.ව. 4:19
2026 පෙබරවාරි 02, ප.ව. 1:11