hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2023 අගෝස්‍තු 16, ප.ව. 7:47


සියලුම වාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්

මධ්‍යම පළාතෙන් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සියලුම වාහනවල ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩසටහන ලබන සැප්තැම්බර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මකකරන බව මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස් පාරමී තෙන්නකෝන් පවසනවා.

ඒ අනුව මධ්‍යම පළාතට අයත් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් වෙනත් පළාතක ලිපිනයකට ලියාපදිංචි වී ඇති වාහනයක ආදායම් බලපත්‍රයක් ද ලබාගත හැකියි.

සමස්ත ලංකාවේම ආදායම් බලපත්‍ර මෙම නව පරිගණක යෙදවුම හරහා මධ්‍යම පළාතට සම්බන්ධ කිරීමට නියමිතයි. 

ඒ වාහන අදායම් බලපත්‍ර නිකුත් කිරීම පුඵල් කරමිනි.