hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2022 මැයි 23, ප.ව. 3:48



ඇතැම් අත්‍යාවශ්‍ය නොවන හා හදිසි නොවන භාණ්ඩ ආනයනයේ දී අනුමනය කළ යුතු ක්‍රියාමාර්ග සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලු බලපත්‍රලාභී වානිජ බැංකු හා ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

බැංකු පද්ධතිය තුළ විනිමය අනුපාතිකයේ ස්ථාවරත්වය හා විදේශ විනිමය ද්‍රවශීලතාවය පවත්වාගෙන යාමේ අරමුණු ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් මණ්ඩලයේ නිර්දේශ පරිදි මෙම පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙරටට භාණ්ඩ ආනයන ක්‍රියාපටිපාටියේ දී ණයවර ලිපි (LC) විවෘත කිරීමේ දී 100% ක මුදල් ආන්තික තබා ගෙන ඒවා නිකුත් කළ යුතු බවට මහ බැංකුව නියෝග කරයි.

එසේම මුදල් ආන්තික සඳහා බැංකු විසින් ණය පහසුකම් ලබා දීමෙන් වැළකිය යුතු බවද මහ බැංකුව විසින් බැංකුවලට දැනුම් දී තිබෙනවා.

HS කේත 779කට අදාළව නිකුත් කරන ලද මෙම සම්පූර්ණ චක්‍රලේඛය පහතින්,