2023 අගෝස්‍තු 17, ප.ව. 4:13
කොල්ලුපිටිය ජනාධිපති ලේකම් කාර්යාලය අසලට දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණා.
ඒ වෘත්තිකයන්ගේ සංගම් කිහිපයක් අධික බදු බර ඇතුළු කරුණු කිහිපයකට එරෙහිව විරෝධතාවක් සංවිධාන කිරීමත් සමගයි.
පෙර දැනුම් දීමකින් තොරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශ්වවිද්‍යාල ආචාර්‍ය සමිති සම්මේලනය, විදුලිබල මන්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුලු වෘත්තිකයින්ගෙන් වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් සාකච්ඡාවක් ඉල්ලා ජනාධිපති ලේකම් කාර්‍යාලය වෙත ඇතුල්වීමට උත්සාහා කිරීම නිසා උණුසුම් තත්වයක් හට ගෙන තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්‍යාලය අසළට යාමට පෙර පොලීසිය හා හමුදාව අත්වැලක් යොදා පිරිස නැවතූ අතර පසුව අතිරේක ලේකම්වරයෙකු පැමිණ සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු විසින් සාකච්ඡාවක් සඳහා වෙන දිනයක් ලබා දෙන බව පැවසූවත් ඔවුන් එය ප්‍රතිශේප කරමින් අද දිනයේම සාකච්ඡාවක් ඉල්ලා තිබෙනවා.
පසුව එය නොලැබෙන බැවින් පිරිස විසිර ගොස් ඇති අතර විසිර යාමට පෙර ඔවුන් මාධ්‍ය වෙත පැවසූවේ නැවත පැමිණන බවයි.
2025 දෙසැම්බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්බර් 12, ප.ව. 6:47