hit counter

2025 ජූලි මස 04 වන සිකුරාදා

2023 අගෝස්‍තු 22, පෙ.ව. 10:21


පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද උදෑසන පාර්ලිමේන්තුවේ සභාගර්භය මැදට පැමිණ විරෝධතාවක නිරත වුණා.

ඒ, ඇල්කඩුව වැවිලි සමාගමට අයත් මාතලේ – රත්වත්ත වතුයායේ සහකාර කළමනාකරු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින්.

එහි නිවසක ජීවත් වූ පවුල් 3 ක පුද්ගලයන් 14 දෙනෙකු බලහත්කාරයෙන් ඉවත් කර අදාළ නිවස කඩා එහි දේපල වලටද අලාභහානි සිදුකළ බව ඔහුට චෝදනා එල්ලවූ අතර මේ සම්බන්ධයෙන් වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා සහ ඔහු අතර බහින්බස්වීමක්ද ඇතිවුණා.