2022 මැයි 24, ප.ව. 3:51
කුලියාපිටිය තාක්ෂණික විශ්ව විද්‍යාල විද්‍යායතනයේ නවක සිසුන්ට ලබා දෙන නවක වදය නිසා ඇති වූ ගැටළුකාරී තත්ත්වය මත සිසුන් 35දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
අත්අඩංගුවට ගත් එම සිසුන් 35දෙනා කුලියාපිටිය අධිකරණයට ඉදරිපත් කිරීමෙන් අනතුරුව පැමිණිලි පාර්ශවයන්ට බලපෑම් නොකරන මෙන් අවවාද කර ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.
මේ අතර ප්‍රදේශවාසීන් පවසන්නේ සිසුවෙක් නවාතැන් ගෙන සිටින ස්ථානයකට ගොස් එම සිසුවාව එම පරිශ්‍රයෙන් පිටතට රැගෙන යාමට පැරණි සිසුන් උත්සාහ කර ඇති අතර එම ස්ථානය බලා ගන්නා පුද්ගලයාටද පහර දී ඇති බවයි.
මේ වනවිට එම පහර කෑ පුද්ගලයා රෝහල් ගත කර තිබෙන අතර මෙම සිදුවීම ප්‍රදේශවාසීන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව සිසුන් අත්අඩංගුවට ගෙන මුදා හැර තිබෙනවා.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25