hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 මැයි 24, ප.ව. 5:13


CIDය ඉදිරිපිට උණුසුම් තත්වයක්

අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැය පහ හමාරක පමණ ප්‍රකාශයක් ලබාදිමෙන් අනතුරු හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා.

ඔහු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ පටන් පිරිසක් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස සඳහන් කරමින් විරෝධතාවක් පවත්වමින් සිටිනවා.

කෙසේ වෙතත් හිටපු අමාත්‍යවරයා එම දෙපාර්තමේන්තුවෙන් පිටව යෑමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් පොලිස් නිලධාරීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටට කැඳවා තිබෙනවා.