2023 සැප්තැම්බර් 04, පෙ.ව. 12:02
වී අස්වනු මිල දී ගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබා දීම සහ මෝල් හිමියන් සවිබල ගැන්වීමේ අරමුණෙන් 2023 යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙත සහනදායී පොලී අනුපාතයක් යටතේ වන ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් (Pledge Loan Scheme) සැප්තැම්බර් 01 දින සිට ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව දෛනික ඇඹරුම් ධාරිතාව මෙට්‍රික් ටොන් 25ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් සහිත වලංගු ව්‍යාපාර ලියාපදිංචියක් හිමි වී මෝල් හිමියන් වෙත මෙම ණය මුදල ලබා ගැනීමේ හැකියාව පවතී.
එක් මෝල් හිමියකු සඳහා 16%ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ රුපියල් මිලියන 50ක උපරිමයකට යටත්ව මෙම ණය මුදල ලබා ගත හැකිය. ඉන් 12%ක පොලී අනුපාතයක් මෝල් හිමියන් දැරිය යුතු අතර ඉතිරි 4% පොලී සහනාධාරයකි. අදාළ ණය මුදල දින 180ක් තුළ ගෙවා අවසන් කළ යුතු ය.
මහජන බැංකුව සහ ලංකා බැංකුව මගින් ලබා දෙන මෙම සමස්ත ණය මුදල්වල වටිනාකම රුපියල් මිලියන 4,000කි. 2023 අගෝස්තු මස 14 වැනි දින අමාත්‍ය මණ්ඩලය මගින් ගනු ලැබූ තීරණයකට අනුව ආරම්භ කෙරෙන මෙම සහන ණය යෝජනා ක්‍රමය මෙම වසරේ සැප්තැම්බර් මස 01 දින සිට නොවැම්බර් මස 30 වැනි දා දක්වා ක්‍රියාත්මක ය.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26