2023 සැප්‍තැම්‍බර් 04, ප.ව. 4:14
කැලණිවැලි දුම්රිය මාර්ගයේ නාරාහේන්පිට සහ නුගේගොඩ දුම්රිය ස්ථාන අතර පිහිටි නාවල පාර දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ, එම මාර්ගයේ සිදු කරනු ලබන නඩක්තු කටයුත්තක් හේතුවෙන්.
ඒ අනුව මේ මස 9 වැනිදා පෙරවරු 8.00 සිට පසුදින (10 වැනිදා) පෙරවරු 6.00 දක්වා වසා තැබෙනු ඇති.
එම දුම්රිය හරස් මාර්ගය 9 වැනිදා පෙරවරු 8.00 සිට පස්වරු 2.00 දක්වා අර්ධ වශයෙන් වසා තබන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එදින පස්වරු 3.00 සිට 10 වැනිදා පෙරවරු 6.00 දක්වා අදාළ මාර්ගය සම්පූර්ණයෙන් වසා තැබෙනවා.
එම කාලය තුළ වාහන සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19