hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 04, ප.ව. 7:01


අජිත් රෝහණගේ පෙත්සම නිෂ්ප්‍රභ කරයි

නීතියට පටහැනිව තමන් නැගෙනහිර පළාතට මාරු කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් එම මාරුව අවලංගු කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළා.

මෙම පෙත්සම එස්.තුරේරාජා, ශිරාන් ගුණරත්න සහ ඒ.එච්.එම් නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලින.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගංගා වාකිෂ්ඨ ආරච්චි මහත්මිය කියා සිටියේ මෙම මාරුවීම පොලිස් කොමිසම විසින් ඒකමතිකව සිදු කර ඇති බවත් පෙත්සම්කරු සමග මාරුවීම් සිදුකළ නියෝජ්‍ය පොලිස්පතිවරු 7 දෙනෙකු මේ පිළිබඳ කිසිඳු අභියෝගයක් කර නොමැති බවත්ය.

ඒ හේතුවෙන් මෙම පෙත්සම ඉවත දමන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගංගා වාකිෂ්ඨ ආරච්චි මහත්මිය ඉල්ලා සිටියා.