hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 මැයි 25, ප.ව. 2:33


පාස්කු බෝම්බකරුවන් දෙදෙනෙකුගේ කෝටිපති පියා ඊබ්‍රහිම්ට ඇප

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවේ ෂැංග්‍රිලා සහ සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටල් වෙත ප්‍රහාර එල්ල කළ බෝම්බකරුවන් දෙදෙනාගේ පියා වන කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් සහ ඔවුන්ගේ සහෝදරයෙකු වන මොහොමඩ් හිජාස් අහමඩ් ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය අද (25) නියම කළා.

ඒ, මීට අදාළ නඩුව මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ අද කැදවූ අවස්ථාවේදියි.

එහිදී විත්තිකරුවෙකු රුපියල් ලක්ෂ දෙක බැගින්වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස විනිසුරුවරයා නියෝග කළා.

එසේම විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් සෑම මසකම පළමු වන අවසන් ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවටත් විනිසුරුවරයා කොන්දේසි පනවනු ලැබුවා.