hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2022 මැයි 25, ප.ව. 5:35


සනත්, මිලාන්, ඩෑන් යළි රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත, මිලාන් ජයතිලක හා සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්  ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු ජුනි මස 01 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසකොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කර තිබෙනවා.

කොල්ලුපිටිය සහ ගාලු මුවදොර අරගලවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටි මෙම සැකකරුවන් අද අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

එමෙන්ම නීතිපතිවරයා විසින් සිදුකළ ඉල්ලීම පරිදි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ස්ථාන මාරු සිදු නොකිරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන ලෙසද මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබෙනවා.