hit counter

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 06, ප.ව. 7:43



බීමත්කම සහ ඇමති බලතල අනිසි ලෙස භාවිතා කරමින් කලින් කලට පුවත් මවන මධ්‍යම පළාත නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍යවරයෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවස ඉදිරිපිටදී ඔහුට නිකුත් කර තිබූ පිස්තෝල ගිනිඅවියකින් ඊයේ රාත්‍රී අහසට වෙඩි තබා තිබෙනවා.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ අදාළ රාජ්‍ය අමාත්‍යවරයා එලෙස වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ලකර ඇති බවයි.

අධික ලෙස බීමත්ව මන්ත්‍රී නිවසේ බැල්කනියට ගිනිඅවිය රැගෙන පැමිණ තිබූ ඔහු එයින් වෙඩි ප්‍රහාර තුනක් අහස දෙසට එල්ලකර තිබූ බව එම ආරංචි මාර්ගවලින් පැවසෙයි.

පසුගිය කාලයේ මෙම ඇමතිවරයා සිය ඇමති බලතල භාවිත කරමින් විවාහක රූප සුන්දරියක් සමඟ බන්ධනාගාරය තුළට ගොස් රැඳවියෙකු දණගැස්වීමේ සිද්ධියක් නිසා සමාජයේ කතාබහට ලක්වුණා.