hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 9:51



විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.

ඒ අනුව කීරි සම්බා රුපියල් 260ක් ද, සම්බා රුපියල් 230ක් ද, නාඩු රුපියල් 220ක් ද, රතු කැකුළු රුපියල් 210ක් ලෙසයි නිවේදනය කර තිබෙන්නේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙළඳුන් වෙත දැනුම් දී තිබෙන්නේ මෙම නියමිත මිල ගණන් අනුව සහල් අලෙවි කරන ලෙසයි.

වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් වැටලීම් දිගටම සිදු කරන බවත් නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී නිලධාරින්ට උපදෙස් දී ඇති බවත් පැවසෙනවා.

වැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳව තොරතුරු සැපයීමට ජනතාවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කෙටි දුරකථන අංකය වන 1977 භාවිතා කළ හැකි බව දක්වනවා.