2023 සැප්‍තැම්‍බර් 09, ප.ව. 4:23
විදේශ රැකියාවල නිරතව සිටින ශ්‍රමිකයින් වෙනුවෙන් ආරම්භ කිරීමට යෝජිත නිවාස ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අවශ්‍ය මූල්‍ය සහයෝගය ලබාදෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
නිවාස ව්‍යාපෘතියට අදාළව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත කැබිනට් පත්‍රිකාව පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඊයේ (08) පැවැති අතර එහිදී මෙම තීරණ ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා විදේශගත ශ්‍රමිකයින්ගේ නිවාස අවශ්‍යතා සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදුකළ අතර එහිදී හඳුනාගත් ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සැලසුම් සකස් කෙරුණා.
මීට අදාළ කැබිනට් පත්‍රිකාව ඉක්මනින් සංශෝධන කර, කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
2026 ජූනි 19, ප.ව. 12:58
2026 ජූනි 18, ප.ව. 6:29
2026 ජූනි 18, ප.ව. 12:24
2026 ජූනි 18, ප.ව. 12:21
2026 ජූනි 17, ප.ව. 12:42
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26