hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 මැයි 26, ප.ව. 7:04


අලුත් යුධ හමුදාපතිවරයෙක්

වත්මන් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, මේජර් ජෙනර‍ාල් විකුම් ලියනගේ මහතා නව හමුදාපතිවරයා වශයෙන් ජූනි මස 01 වැනිදා සිට රාජකාරි භාරගැනීමට නියමිතව තිබෙනවා.

මේ අතර වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මැයි මස 31 වන දින යුද හමුදාපති ධූරයෙන් නික්මයාමට නියමිත අතර ඔහු ජූනි පළමුවනදා සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයේ ස්ථිරවම රාජකාරි කරනු ඇති.