2023 සැප්‍තැම්‍බර් 11, ප.ව. 7:44
ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය විසින් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
ඒ, හේතුවෙන් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනය නොවනු ඇති.
මෙම වර්ජනය සම්බන්ධයෙන් පාලන අධිකාරිය දැනුවත් කර ඇති බව ද සඳහන්.
මේ අතර අද (11) පෙරවරුවේ කොළඹ දුම්රිය අංගන 05හි සේවයේ නියතු දුම්රිය ධාවනාගාර පයින්ඩුකරුවන් හා තාක්ෂණික ශිල්පීන් විසින් වැඩ වර්ජනයක් ආරම්භ කළා.
ඒ, මාස කිහිපයක සිට දුම්රිය අංගනවල සේවයේ නියතු දුම්රිය සේවකයන්ගේ දිරි දීමනා ගෙවීම සිදු නොකිරීමට විරෝධය පළ කරමින්.
ඒ හේතුවෙන් උදෑසන 10න් පසුව ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 6ක් අවලංගු කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළේ.
ඒ අනුව කොළඹ කොටුව සිට මහනුවර බලා පෙරවරු 10.40ට ගමන් ආරම්භ කළ ටිකිරි මැණිකේ දුම්රිය ද ඊට ඇතුළත් වුණා.
අදාළ සේවකයින් සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදි අදාළ දීමනාව මෙම මස 25 වැනි දින ගෙවීමට එකඟ වී තිබුණා.
එම පොරොන්දුව මත අද පස්වරු 02.30ට පමණ එම වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමටයි එම සේවකයින් තීරණය කළේ.
කෙසේවෙතත් උදෑසන සහ දහවල් ධාවනය වූ දුම්රිය, ප්‍රමාද වීම සහිතව ධාවනය වූ අතර ඉන් පස්වරුවේ ධාවනය වන දුම්රියය විශාල බලපෑමක් එල්ල නොවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.