2023 සැප්‍තැම්‍බර් 12, ප.ව. 6:53
අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවා පනත යටතේ දුම්රිය සේවාව වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට සුළු මොහොතකට පෙර ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
කෙසේ වෙතත් අද (12) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර ඒ අනුව ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.
දිනෙන් දින ආරම්භ කෙරෙන දුම්රිය වැඩ වර්ජන නිසා රට තුළ ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වූයේ.
2025 දෙසැම්බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්බර් 12, ප.ව. 6:47