hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 10:26



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) අලුයම විදේශගත වීම නිසා වැඩ බලන අමාත්‍යවරුන් සිවු දෙනෙකු පත් කර තිබෙනවා.

ඒ සඳහා වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය, වැඩ බලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස කනක හේරත්, වැඩ බලන සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙස අනූප පැස්කුවල් පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.