2022 මැයි 27, පෙ.ව. 9:32
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩකටයුතු යළි තව ත් දින 6කින් ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කළේ, අද (27) දිනයේ මෙරටට බොරතෙල් ගොඩබෑම සිදුකිරීමත් සමග එහි වැඩ කටයුතු ආරම්භ වීමට නියමිත බවයි.
ඒ, මාර්තු 20 වන දා එය වසා දැමීමට කටයුතු කිරීමෙන් පසු පළමු වරටයි.
ඊයේ (26) දිනය වන විට ඩීසල් මෙට්‍රික්ටොන් 23022ක්, සුපර් ඩීසල් මෙට්‍රික්ටොන් 2588ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 39968ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 7112ක් සහ ගුවන්යානා ඉන්ධන මෙට්‍රික්ටොන් 3578ක් මෙරට ඉන්ධන සංචිත පවතින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25