2023 සැප්‍තැම්‍බර් 15, ප.ව. 12:23
මේ වන විට රට බංකොලොත් වීමට තමන් ද වගකිව යුතු බවයි කඩුවෙල හිටපු නගරාධිපති ජී. එච්. බුද්ධදාස මහතා පවසන්නේ.
ඒ මහතා මේ බව පැවසුවේ මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ;
“අයියෝ මට කියන්න ලැජ්ජයි ඒ කාලේ මම මහින්ද මහත්තයගේ පස්ස විතරයි හේදුවේ නැත්තේ.මට කියපුවා මම කළා නම් මෙලහකටත් මමත් ගුටි කාලා. ඇත්තවශයෙන්ම අපිත් වගකියන්න ඕනෙ මේ කරපු ඒවට. ඇත්තවශයෙන්ම මහින්ද මහත්තයා හොඳ නම්‍යශීලී මනුස්සයෙක්.මහින්ද මහත්තයාට ඇත්ත කිව්වොත් එක චාන්ස් එකක් දෙනවා පලයං උඹව මං බලාගන්නම් කියලා.මහින්ද මහත්තයා ගමේ දුක් විඳලා ආපු මනුස්සයෙක්.මහින්ද මහත්තයාගේ තියන හැකියාව නිසා තමයි මන්ත්‍රී කෙනෙක් වෙලා රටේ ජනාධිපති වුණේ. මුල් කාලය තුළ මහින්ද මහත්තයා හොඳට රටට ආදරෙන් වැඩ කළා.අන්තිමේදී තමයි ඔක්කෝම වැරදියට කරන්න ගත්තේ.තනිකර තණ්හාව.” ලෙසයි.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36