hit counter

2026 මාර්තු මස 16 වන සඳුදා

2023 සැප්‍තැම්‍බර් 19, ප.ව. 2:27


තිලීපන් සැමරුම්වලට එරෙහිව අධිකරණයෙන් නියෝගයක්

අද (19) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයක පැවැත්වීමට සැලසුම් කර ඇති සැමරුම් කිහිපයක් වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ක්‍රිස්තියානි සහයෝගීතා ව්‍යාපාරය සහ මාරිමුත්තු සත්‍යවේල් පියතුමා ඇතුලු එම සැමරුම් උත්සවය සඳහා සහභාගී වන සියලුදෙනා වෙත අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

කොටුව පොලීසිය විසින් අධිකරණය වෙත කළ කරුණු දැක්වීමකින් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.