2023 සැප්‍තැම්‍බර් 25, ප.ව. 2:49
19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ රිදී පදක්කම දිනාගන්නට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණේ අවසන් තරගයේදී ඉන්දීය කාන්තා කණ්ඩායම හමුවේ ලකුණු 19කින් පරාජය වීමත් සමගයි.
මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 116ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 97ක් පමණයි.
ශ්‍රී ලංකාව 2014 ආසියානු ක්‍රීඩා උළෙලෙන් පසු දිනාගත් පළමු පදක්කම ද මෙයයි.
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20
2026 අගෝස්‍තු 19, ප.ව. 9:51