hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 25, ප.ව. 10:28



ලබන මාසයේ දී එක්සත් ජනපදය පදනම් කරගත් RM Parks සමාගම ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම ආරම්භ කරන බවට වාර්තා වෙනවා.

ඒ බව බලශක්ති හා විදුලිබල අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේ ය.

එමෙන්ම පසුගිය ජුනි මාසයේ දී එම සමාගම ඉන්ධන ආනයනය, බෙදා හැරීම සහ විකිණීම සඳහා වසර 20 ක ගිවිසුමක් ද අත්සන් කර ඇත.

මෙම RM Parks සමාගම ලංකාවේ ඉන්ධන පිරවුම්හල් 150ක් ලබා දෙන බවත් පසුව ඉන්ධනහල් 50ක් තනිවම විවෘත කිරීමට අවස්ථාව ලැබෙන බවත් සඳහන් වේ.

කෙසේ වෙතත්, දේශීය වෙළෙඳපොළේ මිලට වඩා අඩු මිලකට තම ඉන්ධන සැපයීමට RM Parks සමාගමට අවස්ථාව සැලසෙන බව අදාළ එම නිලධාරියා පවසා තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: