hit counter

2026 සැප්‍තැම්‍බර් මස 03 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 26, ප.ව. 12:37



ආර්ථික ස්ථායිකරණ සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ උප වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 200 බැගින් වූ ප්‍රතිපත්ති පදනම් කරගත් ණය පහසුකම් ලබාගැනීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව සමඟ ගිවිසුම් ගතවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව, මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ පළමු උප වැඩසටහන සඳහා ඩොලර් මිලියන 200ක් සියයට 02ක වාර්ෂික පොලී අනුපාතය යටතේ වසර 05 ක සහන කාලයක්ද ඇතුලත් වසර 25ක නැවත ගෙවීමේ කාලයක් සහිතව ලබාගැනීමටයි.

එම ණය පහසුකම් ලබාගැනීම සඳහා මේ වන විට ආසියානු සංවර්ධන බැංකුව සමඟ මූලික සාකච්ඡා පවත්වා ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: