hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 29, ප.ව. 1:35



මුලතිවු දිසා විනිසුරු ටී. සරවනරාජා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා වෙත යොමුකර තිබෙනවා.

ඔහු එමගින් සඳහන් කර ඇත්තේ තමන්ට එල්ල වී ඇති ජීවිත තර්ජන හා ඒ හරහා ඇති වී තිබෙන දැඩි මානසික පීඩනය මත ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර කරන ලද බවයි.

ඔහු තමන් එතෙක් දැරූ දිසා විනිසුරු ධුරය, මහේස්ත්‍රාත් ධුරය ඇතුළු සියලු ධුරයන්ගෙන් ඉල්ලා අස්වන බවත් එම ලිපියෙන් දැනුම් දී තිබෙනවා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කළ කුරුන්දි විහාර චෛත්‍යය කඩා ඉවත් කිරීමට ලබා දුන් තීන්දුව සමග මුලතිවු දිසා විනිසුරු ටී. සරවනරාජා දැඩි ලෙස පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට චෝදනා නැඟිණි.