hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2022 මැයි 30, ප.ව. 5:53


“රැට්ටා” අත්අඩංගුවට

ප්‍රබල සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු සහ අරගලය සාමකාමී විරෝධතා ව්‍යාපාරයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වන රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා මීට ටික වෙලාවකට පෙර කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

කොටුව උසාවිය ඉදිරිපිට පැවති විරෝධතාවක දී පොලිසියට සහ අධිකරණ කටයුතුවලට බාධා වන අයුරින් කටයුතු කළ බවට වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (30) සවස 03.00ට ඔහුට කොළඹ කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණා.

ඒ අනුව, ඔහු කොම්පඤ්ඤවීදිය පොලිසියට ගොස් එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.