2022 මැයි 31, පෙ.ව. 10:06
“RanilGoHome”, “GotaGoHome” පැත්තකින් තබා සියලු දෙනා මෙම අර්බුදයෙන් ගොඩ ඒමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, පාර්ලිමේන්තු කාරක සභාවට මූල්‍ය බලය අධීක්ෂණ බලය ලබා දීමට එකඟ බවත් ඊට සහයෝගය පළ කරන බවයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දක්වා සිටියා,
“පාර්ලිමේන්තුවේ බලය තියෙන්නේ කපුටා අතේ කියන එක අපි පිළිගන්නවා. මේ පාර්ලිමේන්තුවේ 21 වන සංශෝධනය හරහා කපුටු ග්රහණයෙන් පාර්ලිමේන්තුව ත් රට ත් මුදව ගන්න පුළුවන් වේවි. කවුද බලය ඉන්නේ ඒ අයට පක්ෂ දේශපාලනය පැත්තකින් තියලා හැමෝම සහය දීලා නරාවලෙන් ගොඩ එන්න ඕන. ගොඩ ආවාට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න ඕනේ. මැතිවරණයේදී ජනතාවට තීන්දු කරන්න දෙමු කවුද හරි වැරදි කවුද හොඳ කවුද නරක කියලා.”
2024 දෙසැම්බර් 20, ප.ව. 5:40
2024 දෙසැම්බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19
2024 නොවැම්බර් 15, පෙ.ව. 11:39