hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 12, ප.ව. 9:01



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන් ඇන්තනී වෙනුවෙන් ශෝකය පළ කිරීමට පැමිණි ය වෙනුවෙන් ස්තුති කතාව සිදු කරනු ලැබුවේ ජැක්සන් ඇන්තනීගේ පුත්‍රයා වන සජිත අනුත්තර විසිනුයි.

මාස 14ක පමණ කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබා අභාවප්‍රප්තවූ සිය පියාට ශ්වසන පහසුකම් ලබාදීම වෙනුවෙන් සවිකර තිබුණේ තම පවුල විසින් පෞද්ගලිකව පරිත්‍යාග කළ ආධාරක යන්ත්‍රක් බව ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනිගේ බාල පුතු සජිත අනුත්තර අනාවරණය කළා.

ජැක්සන් ඇන්තනි ජාතික රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටි කාලයේදී, ඔහු සම්බන්ධයෙන් සාමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුද්ගලයන් එල්ල කළ චෝදනාවලට සජිත මෙලෙස පිළිතුරු ලබාදෙනු ලැබුවා.

“අර පොඩි දන්තාලේපයක වගේ නමක් තියෙන යූටියුබ් එකේ, නැරඹුම් වාර වැඩි කරගන්නට අප්පච්චිට සම ක්ෂේත්‍රයක මනුෂ්‍ය නොවන කෙනෙක් පොඩි උත්සාහයක් ගත්ත නමුත් අපි ඒක ගණන් ගත්තෙ නෑ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: