hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2022 මැයි 31, ප.ව. 4:13


මොරටු නගරාධිපති සමන්ලාල්ට ඇප

මොරටුව නාගරික මන්ත්‍රී නිරෝෂන් රුවමාල් අපෝන්සු මහතාට පහරදීමේ සිද්ධියට අදාළව මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ, මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ කැඳවා තිබූ නඩුවකට අදාළවයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත නගරාධිපතිවරයා මුදාහරින ලෙසටයි නියෝග කර ඇත්තේ.

මොරටුව නගරාධිපතිවරයා පහරදුන් බව පවසමින් මොරටුව නාගරික මන්ත්‍රී නිරෝෂන් රුවමාල් අපෝන්සු විසින් මෙම නඩුව පසුගියදා ගොනුකරනු ලැබුවා.