2023 ඔක්තෝබර් 15, පෙ.ව. 11:26
මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.
කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.
ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.
ජැක්සන් ඇන්තනී වෙනුවෙන් ශෝකය පළ කිරීමට පැමිණි අය වෙනුවෙන් ස්තුති කතාව සිදු කරනු ලැබුවේ ජැක්සන් ඇන්තනීගේ පුත්‍රයා වන සජිත අනුත්තර විසිනුයි.
මාස 14ක පමණ කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබා අභාවප්‍රප්තවූ සිය පියාට ශ්වසන පහසුකම් ලබාදීම වෙනුවෙන් සවිකර තිබුණේ තම පවුල විසින් පෞද්ගලිකව පරිත්‍යාග කළ ආධාරක යන්ත්‍රක් බව ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනිගේ බාල පුතු සජිත අනුත්තර අනාවරණය කළා.
ජැක්සන් ඇන්තනි ජාතික රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටි කාලයේදී, ඔහු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුද්ගලයන් එල්ල කළ චෝදනාවලට සජිත මෙලෙස පිළිතුරු ලබා දෙනු ලැබුවා.
“අර පොඩි දන්තාලේපයක වගේ නමක් තියෙන යූටියුබ් එකේ, නැරඹුම් වාර වැඩි කරගන්නට අප්පච්චිට සම ක්ෂේත්රයක මනුෂ්‍ය නොවන කෙනෙක් පොඩි උත්සාහයක් ගත්ත නමුත් අපි ඒක ගණන් ගත්තෙ නෑ.”
සජිත විසින් මෙලෙස චෝදනා කරනු ලැබුවේ Sudaa Creation යූටියුබ් නාලිකාවටයි.
එහි හිමිකරු සුදත්ත තිලකසිරි විසින් සජිත වෙත පිළිතුරු ලබා දෙමින් වීඩියෝවක් මුදා හැර තිබුණා.
එහිදී ඔහු සඳහන් කරන්නේ සජිතට කොන්ද පණ නැති බවත් ඒ නිසා කෙලින්ම තමාගේ නම නොකියූ බවයි.
ඔහු විසින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාද සාකච්ජාවකට එකතු කර ගනිමින් තවත් වීඩියෝවක් මුදා හැර තිබෙනවා.
එහිදී වෛද්‍යවරයා කියා සිටියේ “ගෙදර ගිහින් තියාගත්තා නම් සජිතට ඔය වගේ දුක් වෙන කතාවක් කියන්න වෙන්නෙ නෑ” යනුවෙනුයි.
මාධවීගේ මුහුණු පොතට එකතු කරපු විඩියෝවකට අයෙක් කමෙන්ට් එකක් ලෙස එම යූටියුබ් වීඩියෝව අමුණා සඳහන් කර තිබුනේ “අක්කේ මේ බලන්නකෝ ඩොක්ටර් එක්ක සුදා කියන දේ.. මං නම් පිළිගන්නේ නෑ ඔවා… නිවන් සුව සර්..” යනුවෙනුයි.
මාධවී ද ඒ සඳහා උත්තර ලබා දී තිබුණේ “මේ පෙරේතයො මල්ලි. මිනිස් වෙසින් ඉන්න යක්ශයෝ.” “එයාලා මිනිමස් රස කර කර අනික් අයටත් කවනවා. කන්න එපා සාප වෙනවා. දෙවියො ඉන්නවනම් සාප වෙනවා!” “අනික ඔහොම කුණුරසය මාකට් නොකර කොහොමද රෝයල් පාක් එකේ ගෙවල් ගන්නෙ මල්ලි?”යනුවෙනුයි.
2024 දෙසැම්බර් 21, ප.ව. 2:11
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 19, ප.ව. 3:20
2024 දෙසැම්බර් 18, පෙ.ව. 12:04
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
20-12-24
20-12-24
20-12-24
20-12-24
20-12-24
20-12-24
19-12-24
19-12-24
18-12-24
18-12-24
18-12-24
18-12-24
18-12-24
18-12-24
17-12-24
17-12-24
17-12-24
17-12-24