hit counter

2025 මැයි මස 17 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 19, පෙ.ව. 11:38



සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ට වහාම ක්‍රියාත්මක වන පරිදි සති හතරක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙම තීන්දුව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු කටයුතුවලට බාධා කරමින් හැසිරුණු බවට චෝදනා කරමින්.

පාර්ලිමේන්තු සභාවේ හූ හඬ නගමින් අශෝභන ලෙස හැසිරෙමින් සෙංකෝලය ඉවත් කිරීමට මන්ත්‍රීවරයා සැරසුණු බවත් සෙංකෝලය ස්පර්ශ කිරීම බරපතළ වරදක් බවත් කතානායකවරයා පැවසුවා.

පාර්ලිමේන්තුවේ වාචික ප්‍රශ්න ඇසීමේ වාරය දී මන්ත්‍රීවරයා සභා ගැබ මැදට පැමිණ මෙම කලහකාරී හැසිරීෙම් නිරත වී ඇත.

ඒ හේතුවෙන් පාර්ලිමේන්තුව ටික වෙලාවකට කල්තැබීමටද කතානායකවරයා කටයුතු කළා.