2023 ඔක්‍තෝබර් 20, ප.ව. 4:02
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියට සුජිත් සංජය පෙරේරා මහතා විසින් පහරක් එල්ල කළ බව පාර්ලිමේන්තුවේදී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළා.
ඒත් සමඟම පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තබන ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ඉල්ලීමක් සිදු කළා.
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සහ සමගි ජනබලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා අතර කිසියම් කාරණයක් සම්බන්ධයෙන් බහින්බස් වීමක් සිදුව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙනවා.
ඒ අවස්ථාවේදී එම පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා සිද්ධිය සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කර ඇති බවත් එහිදී ගමගේ මහත්මිය සහ සුජිත් සංජය පෙරේරා අතරද කිසියම් උද්වේගකර තත්ත්වයක් ඇතිවී තිබූ බවත් එම ආරංචි මාර්ග සඳහන් කළා.
2025 අගෝස්තු 18, ප.ව. 12:51
2025 අගෝස්තු 14, ප.ව. 7:28
2025 අගෝස්තු 12, ප.ව. 2:06
2025 අගෝස්තු 07, පෙ.ව. 8:22
2025 අගෝස්තු 06, ප.ව. 4:05