hit counter

2025 ජූනි මස 08 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 30, ප.ව. 4:42



සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙදුන් පිළිබදව නොපමාව 1977 ට දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

පාරිභෝගික අධිකාරිය මගින් සුදු හා රතු නාඩු සහල් කිලෝව රුපියල් 220 ක් ද කීරි සම්බා කිලෝව රුපියල් 260 ක් ද සම්බා කිලෝව රුපියල් 230 ක් ද රතු හා සුදු කැකුළු කිලෝව රුපියල් 210 ක් ද වශයෙන් පාලන මිලක් නියම කර තිබෙනවා.

මෙම පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළෙදුන් සොයා වැටලීම් ආරම්භ කර ඇතැයි පවසන පාරිභෝගික අධිකාරිය පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කරන වෙළෙදුන්ට රුපියල් ලක්ෂයක අවම දඩයක් නියම කරන බව ද කියා සිටිනවා.

බොහෝ වෙළෙදුන් වැඩි මිලට සහල් අලෙවි කරන බවට පාරිභෝගික පැමිණිලි දිනපතා ලැබෙන බවද අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළා.