2023 ඔක්‍තෝබර් 30, ප.ව. 9:28
කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද (30) සවස් කාළයේ පැවති අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා එම ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකක් ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගත් බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවා.
මෙයින් පළමු ගුවන් යානය මාළදිවයින සිට අද (30) සවස 06.25 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 111 දරන ගුවන් යානයයි.
අනෙක් ගුවන් යානය වූයේ අද (30) සවස 06.30 ට ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 365 දරන ගුවන් යානයයි.
මේ වනවිට මත්තල ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේත් මේ ආකාරයටම අධික වැසි සහිත කාළගුණික තත්වයක් පැවතීම නිසා කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් මෙම පියවර ගෙන තිබෙනවා.
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:54
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:51
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:12