hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:04



මේ වසරේ ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයීය 31 වන කඨින පූජා මහෝත්සවය ආචාර්ය තවලම ධම්මික නාහිමි හා හල්විටිගල සුජාත හිමි වරුන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ විශාකා කුළගණ සමිතියේ සංවිධානයෙන් තායි, වියට්නාම්, ලාඕස්, කාම්බෝජ, බංග්ලාදේශ , ස්විස් හා ප්‍රංශ ජාතික බෞද්ධ හා නොවන විවිධ ජාතික විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් සිදූකෙරිණ.

ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍යපාද පරවාහැර චන්ද්‍ර රතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා රාගම හීන්කෙන්ද පුරාණ විහාරාධිපති කැළණිය ජනාධිපති විදුහලේ නියෝජ්‍ය විදුහල්පති පුජ්‍ය අරටූමැඩ්ල්ලේ ඉන්දරතන හිමි ,තායි ජාතික ශාන්තා භික්ෂූණිය වියට්නාම් ජාතික මානසා භික්ෂූණියගේ සහභාගීත්වයෙන් විහාර පරිශ්‍රයේ දී සිදූකෙරුණ අතර එක්සත් ජාතීන්ගේ ජිනීවා නිත්‍ය නියෝජිත හා තානාපති හිමාලි අරුණතිලක මහත්මිය, ශ්‍රී ලංකා හා බුරුම තානාපති කාර්යාලයීය නිලධාරි මණ්ඩලයේ පිරිසක්ද සහභාගී වුවා.