2023 ඔක්‍තෝබර් 31, පෙ.ව. 11:15
ඉන්දියාවේ පූනේහිදී පැවැති ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන තරගය කඩුලු 7කින් පරාජය වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.
මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.3කදී සියලුදෙනා දැවි ලකුණු 241ක් ලබා ගත්තා.
පැතුම් නිස්සංක ලකුණු 46ක් ද, නායක කුසල් මෙන්ඩිස් ලකුණු 39ක් ද සහ සදීර සමරවික්‍රම ලකුණු 36ක් ලබා ගත්තා.
ෆසාල් හක් ෆරූකි ලකුණු 34කට කඩුලු 4යි.
ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 45. 2කදී කඩුලු 3ක් දැවී ලකුණු 242ක් ලබා තරගය ජය ගත්තා.
රහමත් ෂා ලකුණු 62ක් ද ,නායක හෂ්මතුල්ලා ෂාහිඩි නොදැවී ලකුණු 58ක් ද සහ අස්මතුල්ලා ඔමර්සයි නොදැවී ලකුණු 73ක් ද ලබා ගත්තා.
ඩිල්ෂාන් මධුෂංක කඩුලු 2යි.
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියකදී ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථාන හමුවේ පරාජය වූ පළමු අවස්ථාව ද මෙයයි.
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19
2026 අගෝස්තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්තු 21, ප.ව. 10:20
2026 අගෝස්තු 19, ප.ව. 9:51