hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 01, ප.ව. 7:58



පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමි විසින් ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත්කරමින් කරන අනර්ථ දේශනයන් පැවැත්වීමෙන් වළකින ලෙස පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිට මල්වතු පාර්ශ්වයේ මහනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු නායක කාරක සංඝ සභාවේ ස්වාමීන් වහන්සේලා විසින් අවවාද කර තිබෙනවා.

ඊයේ (31) මල්වතු මහා විහාරයට කැඳවූ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමි වෙත මෙසේ අවවාද සිදු කළ බවත් උන්වහන්සේ එම අවවාද අනුශාසනා පිළිගත් බවත් මල්වතු පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමියෝ අද මාධ්‍ය හමුවක දී සඳහන් කළා.

ඒ අනුව ඉදිරියේ දී උන්වහන්සේ ගේ දේශනා ආගම දහමට අනුකූල ව සිදු කරන බවට සිරිධම්ම හිමිට පොරොන්දු වූ බව ද අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමියෝ සඳහන් කරයි.