hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2023 නොවැම්‍බර් 02, පෙ.ව. 7:29



රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට එලැඹෙන අය වැය තුළින් කටයුතු කරන බව පසුගියදා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ සිය වැටුප් රුපියල් 20000කින් වැඩි කරන ලෙස ඉල්ලා රාජ්‍ය සේවකයන් උද්ඝෝෂණ සිදු කළ පසුබිමකදි.

මෙවන් තත්වයක රාජ්‍ය සේවක වැටුප් වැඩීවීම පිලිබදව ජනපති කළ ප්‍රකාශය ඇසීමත් භාග්‍යක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඒ අනුව ජනපතිවරයා එලෙස ප්‍රකාශ කළේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සුබවාදි බලාපොරොත්තුවක් තිබෙන බැවින් බවයි මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.

කෙසේවෙතත්, ඉදිරියේදි රටේ ආර්ථිකය පිළිබදව සුබවාදි බලාපොරොත්තුවක් ඇති කර ගත හැකි බව මුදල් ‍රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: