2023 නොවැම්‍බර් 02, ප.ව. 12:14
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නීත්‍යනුකූලව මෙරට විදේශ විනිම සංචිතය ඉහළ දැමීමට විදේශ විනිමය එවූ ශ්‍රී ලංකිකයින්ට විද්‍යුත් වාහන ආනයනයට අවසර ලබාදෙමින් නිකුත් කළ චක්‍රලේඛයට අනුව ආනයනය කරන ලද විදුලි වාහන හතක් රේගු භාරයේ රඳවා ගැනීමට රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය ඊයේ (01) අතුරු නියෝගයක් නිකුත් කළා.
තම සමාගම විසින් නීත්‍යානුකූලව ආනයනය කළ විදුලි වාහන හතක් රේගු භාරයේ රඳවා ගැනීමට එරෙහිව ඕවර්ලෑන්ඩ් ඔටෝමොබයිල් පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර සිටියා.
ඊට අමතරව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පෙත්සම්කාර සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දහම් පෙරේරා හෝ එම සමාගමේ කිසිදු නියෝජිතයකු අත්අඩංගුවට ගැනීම වළක්වමින් විනිසුරු මඩුල්ල විසින් තවත් අතුරු නියෝගයක් නිකුත් කළා.
පෙත්සම්කාර සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින් වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් කීර්තිමත් ආකාරයෙන් කටයුතු කර තිබෙන අතර රේගුව සමග ඉතා විශ්වාසවන්ත ආකාරයෙන් කටයුතු කර තිබෙන බවත් සඳහන් කර සිටියේය. 2022 වසරේ අගෝස්තු මස 31 වනදා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය ප්‍රකාරව පෙත්සම්කාර සමාගම විසින් ගෙන්වන ලද විදුලි වාහන හතක් සම්බන්ධ ලේඛන නීති විරෝධී යැයි පවසමින් ඒවා මුදා හැරීම ප්‍රතික්ෂේප කිරීමට රේගුව කටයුතු කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.
මෙම ක්‍රියාවලිය නීතියට පටහැනි යැයි තීන්දු කොට එම කටයුතු වැළැක්වීමේ නියෝගයක් නිකුත් කර ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා.
මෙහිදී පෙත්සම්කාර පාර්ශවයන් විසින් අධිකරණය ඉදිරියේ සඳහන් කර සිටියේ තමන්ගේ ජීවිතයට තර්ජනයන් එල්ලවූ බවයි. ඒ අනුව ජුනි මාසය ආසන්නයේදී කප්පම් ඉල්ලමින් තර්ජන එල්ල වූ බවද අධිකරණයට දැණුම් දුන්නා.
එහිදී රුපියල් කෝටියක කප්පමක් ගෙවන ලෙසට දුරකථන ඇමතුම් ලැබනු බවත් එසේ නොමැති නම් පෙත්සම්කරුගේ ජීවිතය අනතුරක් සිදුවිය හැකි බවටද තර්ජනය කර ඇත. එමෙන්ම පෙත්සම්කරු එසේ කප්පම් නොගෙවන්නේ නම් ශ්‍රී ලංකා රේගුවේ වැටලීම් වලට ලක්වීමට හැකි බවටද තර්ජනය කර ඇති බව පෙත්සම්කරුවන් විසින් අධිකරණය ඉදිරියේ සඳහන් කරනු ලැබුවා.
ඒ අනුව තර්ජනයේ ස්වභාවය සහ වෙනත් වාණිජ ආයතන ඇතුළු බොහෝ පුද්ගලයන් මෙම අසීරු තත්ත්වයන් තුළ පෙත්සම්කාර සමාගමේ සාර්ථකත්වය පිළිබඳ අප්‍රසාදය පළ කරන බව හොදින්ව දැන සිටීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගත් බවද පෙත්සම්කරුවන් විසින් අධිකරණය ඉදිරියේ සඳහන් කළා.
තමන්ට එල්ලවන තර්ජනයන් නොතකා තම ව්‍යාපාර කටයුතු කරගෙන ගිය බවත් ඒ අනුව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය ප්‍රකාරව විදුලි මෝටර් රථ 7ක් ආනයනය කළ බවත් පෙත්සම්කරුවෝ පැවසූවා.
මේ අතර ඔක්තෝම්බර් 9 වැනිදා හෝ ඊට ආසන්න දිනයේදී පළමු හා දෙවන වග උත්තරකරුවන් වන රේගු අධ්‍යක්ෂක ජනරාල් පී.බී.එස්.සී නෝසින්, නියෝජ රේගු අධ්‍යක්ෂ එස් ලුක්මාන් හෝ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඒ.පී.ඒ.එස්. පී පෙරේරා යන පාර්ශවයන් සියලු දෙනා හෝ ඉන් ඇතැමෙක්ගේ අධිකාරිය යටතේ ක්‍රියා කරන නිලධාරීන් පෙත්සම්කාර පාර්ශවයගේ ප්‍රදර්ශනාගාරය වටලා විදුලි වාහන 7ක් ආනයන කිරීමට අදාල ලිපි ලේඛණ ඔවුන් සන්තකයේ තබා ගත් බවද පෙත්සම්කාර පාර්ශවයන් විසින් අධිකරණට දැණුම් දෙනු ලැබුවා.
අදාල සිදුවීම වූ දිනයේම රාත්‍රී 11 ට විදුලි වාහනයට අදාල ලිපි ලේඛන තමන් සන්තකයේ තබා ගත් එක් නිලධාරියකු විසින් එක් පෙත්සම්කාරුවකු වන පෙත්සම්කාර සමාගමේ සේවකයකුගෙන් අදාල වාහන 7 ප්‍රදර්ශනාගාරයේ පරිශ්‍රයෙන් පිටතට ප්‍රවාහනය නොකරක බවට සඳහන් කරන ලිපියන් ලබා දෙන ලෙසටද ඉල්ලීම් කර ඇති බව පෙත්සමකාර පාර්ශවයන් විසින් අධිකරණය ඉදිරියේ සඳහන් කරනු ලැබුවා.
මේ අතර ඉකුත් ඔක්‌තෝබර් 27 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී ශ්‍රී ලංකා රේගුව මගින් අදාල වාහන 7 සම්බන්ධයෙන් සිදු කළ බව කියන පරීක්‍ෂණය වර්තමාන තත්ත්වය පිළිබඳ දැනුවත් කරන ලෙස ඉල්ලා පෙත්සම්කාර පාර්ශවයක් පළමු වගඋත්තරකරු වන රේගු අධ්‍යක්ෂක ජනරාල් පී.බී.එස්.සී නෝසින් හට ලිපියක්ද යොමු කළ බවද පෙත්සම්කරුවෝ අධිකරණය ඉදිරයේ පැවසූවා.
මෙම වැටලීම සම්බන්ධයෙන් පළමු,දෙවන හා තෙවන වගඋත්තරකරුවන් හෝ ඔවුන්ගේ උපදෙස් වලට අනුව කටයුතු කරනු ලබන පාර්ශවයන් විසින් මාධ්‍යට තොරතුරු ලබාදීමට කටයුතු කර ඇති බවද පෙත්සම්කරුවෝ අධිකරණයට දැණුම් දුන්නා.
එහිදී ශ්‍රී ලංකා රේගු භාරයට ගත් වාහන 7ට අදාළ ලිපි ලේඛන තමභාරයට ගැනීම සම්බන්ධයෙන් ජාතික පුවත්පත් මගින් ප්‍රචාරය කළ බව පෙත්සම්කරුවෝ පවසයි.
ඉන් අනතුරුව ඔක්‌තෝබර් 23 ජාතික පුවත්පතක සිරස්‌තලයක් සහිතව විශේෂයෙන් සඳහන් කර තිබුණේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේකය ප්‍රකාරව පෙත්සම්කාර සමාගම විද්‍යුත් වාහන 70කට වැඩි ප්‍රමාණයක් ආනයනය කර ඇති බවත් පෙත්සම්කාර සමාගම මහා පරිමාණ බලපත්‍ර වංචාවකට සම්බන්ධ බවත්ය.
ශ්‍රී ලංකා රේගුවේ ඇතැම් නිලධාරීන්ගේ අශ්‍යතාවය මත මාධ්‍ය වෙත ඉහත තොරතුරු ජාතික පුවත්පතකට ලබා දී ඇති බවට සැකයක් පවතින බවත් පෙත්සම් කරුවන් අභියාචනාධිකරණයට වැඩිදුරටත් දැනුම්දී තිබෙනවා.
2025 මැයි 18, ප.ව. 4:49
2025 මැයි 18, ප.ව. 4:46
2025 මැයි 18, ප.ව. 4:42
2025 මැයි 18, පෙ.ව. 12:24
2025 මැයි 18, පෙ.ව. 12:12