hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 03, පෙ.ව. 10:49


හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බසී

ගිනිගත්හේන ප්‍රදේශයට පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ හැටන් කොළඹ ඒ 07 ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැසීම හේතුවෙන් ගිලා බැස ඇති ස්ථානයෙන් රථ වාහන ගමනාගමනය එක් මංතිරුවකට සිමා කර ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසුවා.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන කොවිල අසල ප්‍රධාන මාර්ගයේ කොටසක් මෙසේ ගිලා බැසිමට ලක් වි ඇත.

අද (03) උදෑසන 08.00 සිට මෙම ගිලා බැසිම ආරම්භ වි ඇති බවත්, එම ස්ථානයේ මිට ප්‍රථම ගිලා බැසීමට ලක් වු ස්ථානයක් බවයි ගිනිගත්හේන පොලීසිය කියා සිටියේ.

එම මාර්ගයේ ගමනා ගන්නා වාහන ගිලා බැස ඇති ස්ථානයෙන් ධාවනය කිරිමේදි සැලකිලිමත් වන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.