hit counter

2026 ජූනි මස 17 වන බදාදා

2022 ජූනි 02, ප.ව. 8:35



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුව අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 2ක් කුරුණෑගලට සහ කොළඹට පිටවගොස් තිබෙනවා.

මැයි 09 වනදා අරගල භූමිවලට පහරදීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව සැකකරුවෙකු ලෙස නම්කර තිබෙනවා.

09 වනදා සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු එලෙස ඊයේ (01) සැකකරුවන් ලෙස නීතිපති දෙපාර්තමේන්තුව මගින් නම්කර තිබුණා.