hit counter

2025 ජූලි මස 04 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 03, ප.ව. 4:25



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හත් වන සංවත්සරය නිමිති කරගෙන පවත්වන සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනය අද රාත්‍රියේ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ දි පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ සඳහා සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ආරාධනා කර ඇති බවද වාර්තා වේ.

ඒ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසක් සිටින බව ද දැනගන්නට ඇත.
එහෙත් මේ වන තෙක් ඔවුන් එම පිරිත් පින්කමට සහභාගි වනවාද නැද්ද යන්න අවසන් තීරණයක් ගෙන නොමැති බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවත්සරය නිමිති කර ගනිමින් සංවත්සර උත්සවයක් පැවැත්වීමට මීට පෙර කතිකා කරගෙන තිබුණ ද පක්ෂ නායකත්වය සහ සංවිධායකවරුන්ගේ ඇල්මැරුණු ස්වභාවය නිසා එය පත්වීම අහෝසි වී තිබෙනවා.

කෙසේ වෙතත් පක්ෂය වෙනුවෙන් කටයුතු කරමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ පිරිස් සඳහා පිං පැමිණ වීම ද මෙහි එක් අරමුණක් බව වාර්තා වේ.