2023 නොවැම්‍බර් 05, ප.ව. 2:17
පලස්තීනයේ ගාසා තීරයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු අද (05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවා.
ඔවුන් ගාසා තීරයේ සිට රෆා පිවිසුම ඔස්සේ ඊජිප්තුව වෙත පැමිණ, කයිරෝ ගුවන් තොටුපොළේ සිට කටාර් රාජ්‍යය වෙත පැමිණ තිබෙනවා.
ඉන්පසුව කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් අද (05) දින අලුයම 02.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
මෙම 11 දෙනා අතර කාන්තාවන් දෙදෙනෙකු සිටි බවත් , ඉතිරි 09 දෙනා ළමුන් බවත් ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කළා.
මෙම පැමිණීම පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කර නොතිබුණි.
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:54
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:51
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:12