hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 05, ප.ව. 3:09



දකුණු පළාත් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන්, පොලිස් ස්ථානාධිපතිවරුන් සහ මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා අතර හමුවක් සිකුරාදා දින ගාල්ල උණවටුන අරලිය හෝටලයේදී පැවැත්විණි.

දකුණු පළාතේ පොලිස් නිලධාරීන් දිරිගැන්වීම, ඇගයීම සහ සංවිධානාත්මක අපරාධ ඇතුළු සියළුම ආකාරයේ අපරාධ මැඩලීම සහ පාලනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම එහි අරමුණු වී තිබිණි.

මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා, බස්නාහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා, දකුණු පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතා, විශේෂ කාර්‍ය බලකා අණ දෙන නිලධාරී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා, දකුණු පළාත් රාජ්‍ය නිවේදිත නිලධාරීන් සහ දකුණු පළාත් පොලිස් ස්ථානාධිපති වරුන් සහභාගී වූවා.