hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 13, පෙ.ව. 12:01



අයවැය යෝජනා අද (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එය මෙරට 78 වන අයවැයයි.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

ඒ අනුව, විසර්ජන පනත් කෙටුම්පත 2 වන වර කියවීමේ විවාදය නොවැම්බර් 14 සිට 21 දක්වා පැවැත්වීමට නියමිතය.

එසේම 2 වන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වන දා පැවැත්වීමට නියමිතය.

ඒ අනුව, නොවැම්බර් 22 සිට දෙසැම්බර් 13 දක්වා අයවැය තුන් වන වර කියවීමේ විවාදය පැවැත්වෙනු ඇති අතර දෙසැම්බර් 13 වන දා ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන් ලක්‍ෂ 14 ක් සහ විශ්‍රාමිකයන් ලක්‍ෂ 6 ක් වශයෙන් ලක්‍ෂ 20 ක පමණ පිරිසකට මෙවර අයවැයෙන් වැටුප් වැඩිවන බවටත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනපති වීමෙන් පසුව ඉදිරිපත් කරන තුන්වන අයවැය මෙය වෙනවා. ඒ අතුරු අයවැය ද ඇතුළුවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: