2023 නොවැම්‍බර් 13, ප.ව. 2:17
ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා 2024 අයවැය මගින් නව යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවා.
ඒ අනුව,
* 2024 තුළදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කෙරෙයි.
* බස්නාහිර පළාත තුළ ලංකා ගමනාගමන මණ්ඩලය සමග ඒකාබද්ධව විද්‍යුත් බස්රථ 200ක් ධාවනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කෙරේ.
* මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කටයුතු ජනවාරියේ සිට..ඒ සඳහා ලෝක බැංකු ආධාර. ඊට අදාළ ප්‍රවේශ මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 1.5ක් වෙන් කෙරේ.
* මිහින්තලය දුම්රිය ස්ථානය ආශ්‍රිතව විසල් නගරයක්. එහි කටයුතු පෞද්ගලික අංශය හා එක්ව සැලසුම් කරන අතර සඳහා රුපියල් මිලියන 200ක් වෙන්කෙරේ.
* පිටකොටුව, ගාල්ල, මාතර, අනුරාධපුරය සහ යාපනය වැනි මහනගර සහ සංචාරක ගමනාන්ත ආශ්‍රිත දුම්රිය ස්ථාන පදනම් කර ගනිමින් රාජ්‍ය – පෞද්ගලික ව්‍යවසායක සහයෙන් ස්ටේෂන් ප්ලාසා හෙවත් දුම්රිය ස්ථාන නගර බිහිකිරීම.
එමෙන්ම පින්නවල – නිකුල්ගල සංචාරක කොරිඩෝවක් ඇති කරන බව ද ජනපති පැවසුවා.
අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනපතිවරයා මේ බව පැවසුවා.
2025 පෙබරවාරි 06, පෙ.ව. 12:24
2025 පෙබරවාරි 06, පෙ.ව. 12:18
2025 පෙබරවාරි 06, පෙ.ව. 12:13
2025 පෙබරවාරි 06, පෙ.ව. 12:08
2025 පෙබරවාරි 06, පෙ.ව. 12:08
06-02-25
06-02-25
06-02-25
06-02-25
06-02-25
06-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25